May 05, 2024

රුපියල තවත් බාල්දු වෙයි! බ්‍රිතාන්‍ය පවුමත් ඉතිහාස ගතවෙයි

September 07, 2021

පසුගිය අගෝස්තු 31 වැනිදා අමෙරිකානු ඩොලරයක මිල රුපියල් 204 සත 89ක් ලෙස වාර්තා වුණා.

එය මෙරට ඩොලරය වාර්තා තළ ඉහළම විකුණුම් මිල බවට ඉතිහාසයට එකතු වුණා.

අමෙරිකානු ඩොලරයක මිල එතරම් ඉහළ යද්දී ඊට ඊට දෙවෙනි නොවී පවුමක මිලත් මෙරට ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරන්නට සමත් වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (06) දිනට නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතයන් අනුව බ්‍රිතාන්‍ය පවුමක් සඳහා විකුණුම් මිල සඳහන්ව තිබුණේ රුපියල් 317 සත 47ක් ලෙසයි.

මෙම අගය මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමක් සඳහා වාර්තා වූ ඉහළම විකුණුම් මිල ලෙසටද වාර්තා වුණා.

සැප්තැම්බර් මාසයේ ආරම්භයේ දී බ්‍රිතාන්‍ය පවුමක මිල දැක්වුණේ රුපියල් 292යි සත 71ක් ලෙස වන අතර ඉතාමත් කෙටි කාලයක් තුළ බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 30කින් පහත වැටී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පවුමක මිලදී ගැනීමේ අගය ලෙස වාර්තා වී තිබුණේ රුපියල් 307යි සත 13ක් ලෙසයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 September 2021 08:10