March 28, 2024

ඩොලරය අසට උසට නගී! අද මිල ඩොලරය රු.260යි

අද(10) මෙරට පුද්ගලික බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ බැංකුවල ඩොලරයක් රුපියල් 230 සීමාවේ පවතිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් වනුනේ 229ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින දෙකකට පෙර විනිමය පාලනය මදක් ලිහිල් කරමින් කියා සිටියේ ඩොලරයක් 230 සීමාවේ පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ සඳහන් වන ඇමරිකානු ඩොලරයක අගයයි.

Rate this item
(0 votes)