April 26, 2024

මැණික් පොකුරටත් කොවිඩ් වෛරසය බලපායි Featured

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා, හොංකොං සහ ඩුබායි වැනි නගරවල ලෝකප්‍රසිද්ධ මැණික් වෙන්දේසි සංවිධානය වුවත් මේවන විට පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එම වෙන්දේසි සහ මැණික් ප්‍රදර්ශන නොපැවැත්වෙන බව ගෙවුඩ පිිළිස්සීමේ විශේෂඥ පුන්සිරි තෙන්නකෝන් මහතා පවසනවා.

මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේ ද තෙන්නකෝන් මහතා යි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉහත කී නගරවල මැණික් වෙන්දේසි සහ ප්‍රදර්ශන පැවැතියේ නම්, පසුගිය දා ප්‍රසිද්ධියට පත් මෙරටින් හමු වූ විශාලතම නිල් මැණික් පොකුර ඉතා ඉහළ මිලකට වෙන්දේසි කොට උපරිම මිලක් ලබා ගැනීමට හැකියාව තිබූ බව යි.

පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මේවන විට වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ ලෝකප්‍රසිද්ධ මැණික් ප්‍රදර්ශන නොපැවෙත්වෙන බව ඔහු පවසනවා.

මෙවැනි තත්ත්වයක් මත මෙරටින් හමු වූ විශාලතම මැණික් පොකුරට උපරිම මිලක් ලබා ගැනීම ඉලක්ක කොටගෙන විදෙස් ගැණුම්කරුවන් මෙරටට කැඳවිය යුතු බව ඔහු අවධාරණය කරනවා.

මෙයට උපරිම මිලක් ලබා ගැනීමට උපක්‍රමශීලී විය යුත්තේ, වටිනා දෑ, දුර්ලභ ඛණිජ සහ වෙනත් සම්පත් එකතු කිරීමට ප්‍රියතාවක් දක්වන ලෝක ධනවතුන් අතර තරගකාරීබවක් ඇති කිරීමෙන් බව ද පුන්සිරි තෙන්නකෝන් මහතා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි ආරංචි මාර්ග පවසා සිටියේ මෙම මැණික් පොකුර චීනයේ පැවැත්වෙන වෙන්දේසියකට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව යි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 01 August 2021 07:19