April 27, 2024

කැබිනට්ටුවේ වෙනසක්: බැසිල් අගමැති ලඟට - ජී.එල් , චමල් වෙන තැනකට

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථම වරට ඉකුත් 12 දින කැබිනට් මණ්ඩල රැස්වීම සහභාගි වුණා.

එහිදී විශේෂත්වයක් දක්නට ලැබුණා.

ඒ බැසිල් රාජපක්ෂ මහතාට පණවා තිබූ අසුනයි.

අගමැති ලඟ අසුන

බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යාබද අසුන බවයි වාර්තා වන්නේ.

මීට පෙර අග්‍රාමාත්‍යවරයා අද යාබද අසුන හිමිව තිබුණේ 1994 පළමු වරට කැබිනට් අමාත්‍යවරයකු වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට.

ජී එල්ට වෙන අසුනක්

බැසිල් රාජපක්ෂ මහතාට සිය අසන ලබාදීමත් සමග මහාචාර්ය ජි.එල්.පිරිස්ට වෙන අසුනක් ලබාදී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩල සම්ප්‍රාප්තියත් සමග ඔහුට පැණවූ අසුන හේතුවෙන් හිටපු කතානායකවරයෙකු වූ පළමු වරට 2005 වසරේදී කැබිනට් අමාත්‍ය ධුරයකට පත් චමල් රාජපක්ෂ මහතාවද මැදපෙළ අසුනකට යොමු කර තිබූ බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමග කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 28 දක්වා ඉහලට ගිහිනුයි තිබෙන්නේ.

අසුන් පනවන්නේ සම්ප්‍රදායට අනුව

කැබිනට් මණ්ඩලය තුළ පවා අසුන් පනවන්නේ සම්ප්‍රදායකට අනුවයි.

1948 සිටම පැවති සම්ප්‍රදාය වන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව කැබිනට් මණ්ඩලයේ අසුන් පැනවීමයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 14 July 2021 21:17