May 19, 2024

මිනිසෙක් අභිරහස් ලෙස මිය යයි - බ්ලොක් ගලක් ගැන සැකයක්! (PHOTOS)

බ්ලොක් ගල් කිහිපයක් හිස මතට වැටීම නිසා පුද්ගලයෙකු මිය ගිය පුවතක් වැල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වැල්ලවත්ත ශ්‍රී විසුද්ධාරාම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මහළයේ තිබූ බ්ලොක් ගල් කිහිපයක් මෙලෙස බිමට වැටී තිබෙනවා.

මෙම සිදුවීම වී තිබුණේ අද (10) අලුයම බවයි සඳහන් වන්නේ.

ඉහළ සිටි වැටුණු මෙම බ්ලොක් ගල් හේතුවෙන් එම ගොඩනැගිල්ල පහළ නවතා තිබූ මෝටර් රථයක් මතට වැටීම නිසා එම රථයට දැඩි අලාභ හානි සිදුව තිබුණු අතර එහි සිටි පුද්ගලයෙකු ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත සිදුවීමක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විසින් පරික්ෂණ මෙහෙයවනු ලබනවා.

එම සිදුවීමේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 20:03