April 26, 2024

පොලීසියේ ලොකු පුටු පෙරළියක් - අජිත් රෝහණටත් මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවිම් ලබාදුන් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මෙම ස්ථාන මාරුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. ජයලත් මහතා ස්ථාන මාරු කර ඇත්තේ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස යි.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස හා ඌව පළාත භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ස්ථාන මාරු කර ඇති අතර දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එම්.ඩී.ආර්.එස්. දමින්ද මහතා ස්ථාන මාරු ලැබ ඇති බව සඳහන්.

අපරාධ හා රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායක මහතා ප්‍රජා පොලිස් හා පාරිසරික කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස යි.

නියෝජ්‍ය පොලිස්පති ඒ.ඒ.එන්.එල්. විජේසේන මහතා මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව වාර්තා වූවා.

මේ අතර පොලිස් මූලස්ථානය සඳහන් ක‌ළේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව යි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 04 July 2021 12:02