May 11, 2024

වනසංරක්ෂණ ලොක්කන්ට නීතිපතිගෙන් කැඳවීමක්

වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විශේෂ සාකච්ඡාවකට කැඳවා තිබේ.

එම හමුව අද (06) පැවැත්වෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා එම හමුව කැඳවා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

Rate this item
(0 votes)