April 27, 2024

"කොන්ත‍්‍රාත්තුව සහරාන්ට දුන් මිනිහා අද ආතල් එකේ ඉන්නවා"

අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය සිදුකිරීමට සහරාන්ට කොන්ත‍්‍රාත් ලබාදුන් සහ එය මෙහෙය වූ මිනිහා අද ආතල් එකේ ඉන්නවා යැයි සමගි ජන  බලවේගය මෙහෙයුම් ප‍්‍රධානී පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
 
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
"පක්ෂයක් විදියට පාස්කු කොමිසම් වාර්තාවේ ස්ථාවරයක අපි සිටිනවා. අපි ඒ සඳහා විශාල කණ්ඩායමක් සමග එහි කරුණු කාරණා සොයා බැලූවා. එහි කරුණු කිහිපයක් තියෙනවා. නමුත් වෙළුම් කිහිපයක් තියෙද්දී එක වෙළුමක් දීලා තීරණ ගන්න බැහැ. කොමිසම විසින් ගත්ත සියලූ කරුණු එහි තිබිය යුතුයි. මගේ නමත් එහි ඇතුළත් වුණු වෙලාවේ ඒ සියලූ තොරතුරු කොමිසම විසින් හොයාගෙන තිබුණා. ලබාගත් දුරකථන ඇමතුම්, ඒ වෙලාවල් සියල්ල එහි සඳහන් කර ගත්තා. සියලූ වෙළුම් දීල තිබුණා නම් එය සොයා ගන්න තිබුණා.
 
එහි සාරාංශයක් තියෙනවා. නිගමනයක් තියෙනවා. නමුත් වාර්තාව සම්පූර්ණ නැහැ. කාදිනල්තුමා කිව්ව වගේ මෙහි සම්පූර්ණ වාර්තාවට එකඟ වෙන්න බෑ. මමත් පෞද්ගලිකව එකඟ වන්නේ නෑ. සහරාන්ගේ ගුවන් ගමන් කොහෙද? 2018 ලංකාවේ මොනවද කළේ? කීපාරක් විදේශ ගතවුණාද? කාවද හමුවුණේ? ඒවා නැති වාර්තාවක් මොකටද? සහරාන් නම් ඔය කියන අන්තවාදී නායකයා ඉස්සෙල්ලා ඔහු ගිහින් මැරෙන්නේ නෑ. ප‍්‍රායෝගිකව හිතලා බැලූවොත් මෙය කොන්ත‍්‍රාත් එකක්. මෙම ප‍්‍රහාරය නිසා සම්පූර්ණයෙන්ම මුස්ලිම් මිනිහා කොන් වුණා. කතෝලික මිනිහා මුස්ලිම් මිනිහා කොටවන්න උත්සාහ කළා.
 
කතෝලික අය මෝඩ නැහැ. මුස්ලිම් අවංක අයත් මෝඩ නෑ. මෙහි අන්තවාදී කල්ලි බිහි කරමින් ජීවත් වීමේ ආතල් එකක් තියෙන්නේ. එහි කොටසක් රඟපෑම තමයි මේක. මේ වාර්තාවේ ඇතුළත් වෙන්න ඕන 2013 සිට අප්‍රෙල් 21 ප‍්‍රහාරය දක්වා.
 
ජඩ මාධ්‍ය තවම හැම දේකටම මතය වෙනස් කරන්න, අපේ නම් අල්ලගෙන ගහගෙන මිනිස්සු බයිට් කරන්න ගියා. අද සමාජ මාධ්‍ය ජාලා ගැන කනගාටුවක් තියෙන්නේ. මිනිහෙක් මැරුණ කියලා තවත් මිනිහෙක්ට මැරෙන්න කියැවෙන විදියට ඒ මාධ්‍ය හසුරවන්නේ. එහෙම නැතුව මාධ්‍යකරණයේ වගකීම පේන්න නැහැ. එම නිසා පාස්කු වාර්තාව ගැන සෑහීමට පත් වෙන්නේ නෑ. මෙය මෙහෙයවූ මිනිහා කවුද කියන එකයි හොයන්න ඕන. මෙහෙය වූ කෙනා අද ආතල් එකේ ඉන්නවා. ප‍්‍රහාරයෙන් ආණ්ඩුවට තමයි වාසි වුණේ.
 
කළු ඉරිදා රෝමානු කතෝලික පල්ලි විසින් ගත්ත තීරණයක්. එය දේව කන්නලව්වක් වැනි දෙයක්. සුදු ඇඳන් පන්සල් එනවා වගේ කළු ඇඳන් පල්ලි එන්න කියපු දෙයක් පමණයි. එහෙම නැතුව බෝඞ් එල්ලගෙන කරන දෙයක් නෙමෙයි. ප‍්‍රහාරය වෙනුවෙන් සාධාරණයක්, උඩ ඉන්න දෙවියන්ගෙන් ඉල්ලනවා හැරෙන්න කොමිසම්වලින්, චරිත දෙකේ අයගෙන් නෙමෙයි."

Rate this item
(1 Vote)

Related items