April 26, 2024

ජනපතිට පොහොට්ටුවේ තනතුරක් දිය යුතුමයි - විරෝධය නොතකා විමල් යලි යලිත් කියයි (VIDEO)

February 15, 2021

පවතින වත්මන් අභියෝගය නිසි ලෙස ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

සෑම අතින්ම ශක්තිමත් කිරීම යනු දේශපාලන අතින් ද ශක්තිමත් කිරීම බවද ඇමැතිවරයා පවසයි.

මීට කලින් මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් පවතින පාලන තන්ත්‍රයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් දැරූ බව ඔහු පෙන්වා දුන්නේය.

නමුත් වත්මන් ජනාධිපතිවරයා එවන් තනතුරක් නොදරන බවත් ජනාධිපතිවරයා එවන් තනතුරක් ලැබිය යුතු බවත් ඇමතිවරයා තව දුරටත් පවසයි.

ජනාධිපතිවරයා අංගසම්පූර්ණ රාජ්‍ය නායකයෙක් වන්නේ එවිට යයිද ඇමතිවරයා පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Rate this item
(0 votes)