April 26, 2024

දොස්තරගේ කණට ගැහුවේ මම නෙවෙයි කාලි මෑණියන් - ධම්මික බණ්ඩාර දැන් කියන කතාව

පේරාදෙණිය රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට පහර දීමක් සිදු කළ බව සත්‍ය නමුත් එය සිදු කළේ තමන් විසින් නොව කාලි මෑණියන් විසින් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

පේරාදෙණි රෝහලේ වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පරීක්‍ෂණයේදී ඔහු මේ බව කෑගල්ල පොලිසියට සඳහන් කර තිබේ.

තමන් විසින් සිදු කරන ද එහිදී වෛද්‍යවරයාගෙන් බලහත්කාරයෙන් වීඩියෝ පටිගත කිරීමක් කල බවද ඔහු පොලිසියේ දී පිලි ගෙන ඇත.

ඒවා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ එකඟතාව මත දෙපාර්ශවය එම ගැටලුව සමථයකට පත් කර ගෙන ඇත.

වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතාට ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී ඔහු පහර දුන්නේ යැයි චෝදනා කරමින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කෙරිණ.

මගේ ජිවිතේ දැන් අනතුරේ - ධම්මික බණ්ඩාර මාව ප්‍රාණ ඇපයට ගත්තා : විශේෂ හෙළිදරව්ව මෙන්න (VIDEO)

"ධම්මික පැණි කපුවා මගෙන් කෝටියක කප්පමක් ඉල්ලුවා - නැතිනම් දරුවාගෙන් පළිගන්න බව කිව්වා" (VIDEO)

‘පැණි ධම්මික’ අත්අඩංගුවට ගැනීමට යයි - වෛද්‍යවරයෙකුට පහරදී නිවාස අඩස්සියට අරන්

Rate this item
(0 votes)