April 27, 2024

දේශපාලඥයෝ බොහෝ දෙනා යන අනුරාධපුරයේ ඒ තැනට තමනුත් ගිය බව හරීන් පිළිගනියි

තම ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු කතාවේදී තමන් පැවසූ අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාව හමුවීමට තමන් ද ගොස් ඇති බවත් එසේ ගියේ යැයි තමන් පිළිගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

තමන් නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විවිධ ආගම්, විවිධ දෙවිවරුන් අදහන අතර තමන් ද ඔවුන් සමග විවිධ ස්ථානවලට ගොස් ඇති බව සඳහන් කළ ඒ මහතා ඒ අනුව මෙකී අනුරාධපුරයේ ස්ථානයට ද තමන් ගිය බවත් ඒ කිසිදු විශ්වාසයක් අසත්‍යයැයි තමන් නොපවසන අතර ඒ කිසිදු විශ්වාසයකට තමන් අගෞරව නොකරන බවත් සඳහන් කළේය. 

"කවදාවත් මම පැත්ත ගියත් බොරු කියන්නෙ නෑ. මං ගිහිල්ලා තියෙනවා. එතනදි මගේ කිසිම අවිශ්වාසෙකුත් නෑ, එතුමියට මං කිසිම ආකාරයකින් අපහාස කරන්න උත්සාහ කරන්නෙත් නෑ, මං එහෙම කරලාත් නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

Rate this item
(2 votes)
Last modified on Saturday, 16 January 2021 20:13

Related items