April 27, 2024

මිරිස්සේ කොකනට් ට්‍රී හිල් 'අනවසර වැට' ගලවා දාන තීන්දුව මෙන්න

ලෝකයේ වෙරළ ආශ්‍රිත වඩාත් ආකර්ෂණීය ස්ථානයන් බොහෝමයක් ශ්‍රී ලංකාවේ පිහිටා තිබේ.

එවන් ස්ථානයක් ලෙස මිරිස්සේ පිහිටි 'කොකනට් ට්‍රී හිල් (Cocount Tree Hill)' නම් ස්ථානය ද ඇතුළත් වේ.

ඉන්ස්ටග්‍රෑම් සමාජජාල උන්මාදයෙන් පෙළෙන්නන්ගේ පරාදීසයක් වූ මෙම ස්ථානයට ඊයේ (05) දිනයේදී එම ස්ථානයේ අයිතිකරුවන් යැයි කියාගන්නා පිරිසක් විසින් වැටක් ඉදි කිරීමට කටයුතු කිරීමත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළ දැවැන්ත විරෝධයක් නිර්මාණය වී තිබුණී.

පිරිසක් විසින් මෙම වැට ගලවා ඉවත් කර එම ස්ථානය සංචාරක ස්ථානයක් ලෙස දියුණු කළ යුතු බවත් එයට රජය වහාම මැදිහත් විය යුතු බවත් ප්‍රකාශ කර සිටියේය.

මෙම අර්බුදයට අවසානයේ විසඳුමක් ලබා දීමට වැලිගම ප්‍රදේශීය ලේකම්වරයා වන සුමිත් ශාන්ත මහතා විසින් කටයුතු යොදා තිබුණි.

එහිදී ඒ මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ මෙම 'කොකනට් ට්‍රී හිල් (Cocount Tree Hill)' නම් ස්ථානය පුද්ගලයින් තිදෙනකුට අයත් බවත්, ඉන් එක් කොටසක හිමිකරුවෙකු විසින් මෙලෙස වැටක් ඉදි කර ඇති බවයි.

එය අනවසර ඉදි කිරීමක් බවත් ඒ මහතා සඳහන් කර තිබුණි.

ඒ හේතුවෙන් මෙම වැට ඉවත් කිරීම සඳහා පහත තීන්දු ගත් බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

1. ඉඩම් හිමියන් මගින්ම අනවසර ඉදිකිරීම ඉවත් කිරීම නැත්නම් අධිකරණ ක්රියාමාර්ගයක් ගැනිම

2. ඉඩම් හිමියන් සහ රජය අතර ඇති කරගන්නා එකගතා මත සංචාරක ආකර්ශන ස්තානයක් ලෙස දියුණු කිරිම

මෙම ගැටලුව යහපත් අයුරින් විසඳෙනු ඇතැයි සිතන බවද ප්‍රදේශීය ලේකම් සුමිත් ශාන්ත මහතා පවසා තිබුණි.

ඒ මහතා තැබූ ෆේස්බුක් සටහන පහතින්,

සබැඳි පුවත -

මිරිස්සේ කොකන්ට් ට්‍රී හිල්වලට ඇත්තටම මොකද වුණේ? - වැට ගැහුවේ හෝටලයක් හදන්නලු : මෙන්න ඇත්තම කතාව

Rate this item
(0 votes)