May 07, 2024

මිරිස්සේ කොකන්ට් ට්‍රී හිල්වලට ඇත්තටම මොකද වුණේ? - වැට ගැහුවේ හෝටලයක් හදන්නලු : මෙන්න ඇත්තම කතාව

ශ්‍රී ලංකාව යනු සංචාරක පරාදීසයකි. මෙරට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි ස්ථානයන්ද බොහෝ තිබේ. එවන් ස්ථානයක් ලෙස මිරිස්සේ පිහිටි ‘කොකන්ට් ට්‍රී හිල් (Coconut Tree Hill)’ ද හඳුන්වා දිය හැකිය. 

සාගරය දෙසට නෙරා ඇති පොල් ඉඩමක් වන මෙම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 04ක් පමණ උස කඳු බෑවුමකි. මිරිස්ස නගරයේ සිට කිලෝ මීටර් 3ක් පමණ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇති අතර මුහුදු තීරය නැරඹීමට පැමිණෙන සංචාරකයන් නොවැරදීම නැරඹීමට යන ස්ථානයක් ලෙසද හඳුන්වා දිය හැකිය.

සංචාරකයන්ගේ ඉහළම ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි ස්ථානයක් වන මෙම ස්ථානය ඉන්ස්ටග්‍රෑම් උන්මාදයෙන් පෙළෙන්නන්ගේ ඡායාරූප පරාදීසයක් ලෙසද, මියුසික් වීඩියෝ නිර්මාණකරුවන්ගේ පසුතලයක් ලෙසද ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

නමුත් ඊයේ (05) දිනයේ දී මෙම ස්ථානයට ඇතුළත් වීමට නොහැකි වන ලෙස කම්බි කණු ගසා වසා දැමීමට පිරිසක් කටයුතු කිරීමත් සමඟ මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුම් මතවාදයන් ඉදිරිපත් වෙමින් තිබේ.

මෙම ඉඩම සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය වාර්තාකරුගෙන් කළ විමසීමකදී ඔහු වාර්තා කර සිටියේ අදාළ මාර්ගයට පිවිසෙන මාර්ගය හරස් කොට යම් කිසි පිරිසක් විසින් වැටක් ඉදි කොට ඇති අතර එම නිසා ‘කොකන්ට් ට්‍රී හිල් (Coconut Tree Hill)’  නම් ස්ථානයට පිවිසීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම ඉඩමේ අයිතිකරු කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර  ඔහු විසින් එම සංචාරක ස්ථානයේ හෝටලයක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බවයි.

මෙම ඉඩමේ ඉඩමේ භාරකරු ඇතුළු ඒ අවට පිරිසගෙන් මේ සම්බන්ධව විමසීමක් කිරීමට අප උත්සාහ කළත් ඒ පිළිබඳව කිසිවෙකු අදහස් දැක්වීමට ඉදිරිපත් නොවීය. නමුත් අප වැලිගම ප්‍රදේශීය සභාපතිවරයාව සම්බන්ධ කර ගැනීමට සමත් වු අතර ඔහුගෙන් ඒ සම්බන්ධව අදහස් විමසීය.

“මේක කිහිප දෙනෙකුට අයත් පෞද්ගලික ඉඩමක් - අපි කිසිම ඉදි කිරීමක් කරන්න දෙන්නේ නැහැ” - වැලිගම ප්‍රදේශීය සභාපතිවරයා කියන කතාව

සභාපතිවරයා එහිදී සඳහන් කර සිටියේ මෙම ස්ථානය පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් පෞද්ගලික ඉඩමක් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ට බොහෝ ආකර්ෂණීය ස්ථානයක් බවයි. නමුත් ඊයේ (05) දිනයේ සිට මෙම ස්ථානය පෞද්ගලික ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් වැටක් ගසා ඇති බවද ඔහු සඳහන් කර සිටියේය. මේ වන විට එම ස්ථානයට යෑමට නොහැකි තත්ත්වයක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එම ස්ථානය තමන් විසින් නිරික්ෂණය කළ බවත් එම ස්ථානයේ කුමක් හෝ ඉදි කිරීමක් කිරීමට උත්සාහ කරන්නේ නම් එය කිරීමට ඉඩ නොදී සිටීමට කටයුතු කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම එම ස්ථානය නැරඹුම් ස්ථානයන් (View Point) ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී සඳහන් කළේය. 

මෙම ඉඩම මෙතරම් කාලයක් පෞද්ගලික ඉඩමක් හැටියට පැවැති බවත් මෙම ඉඩමට අයිතිකරුවන් කිහිප දෙනෙකුම සිටින බවත් සභාපතිවරයා විසින් අවධාරණය කළේය. නමුත් මෙතරම් කාලයක් එම ස්ථානයේ වැටක් හෝ වෙනත් කිසිදු ඉදි කිරීමක් සිදු නොකර තිබූ බවද ඔහු කියා සිටි අතර ඊයේ දිනයේ දී මෙලෙස වැටක් ගැසීමත් සමඟ මෙම අර්බුදය උද්ගතව ඇති බවද ඔහු සඳහන් කළේය.

සභාපතිවරයා විසින් පැහැදිළිවම කියා සිටියේ එම ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

ඔහු අප වෙත දැක් වූ අදහස පහතින්,

Rate this item
(1 Vote)