April 27, 2024

භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා - කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි (VIDEO)

December 03, 2020

කොවිඩ් 19 මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය කිරීමට හැකියාවක් නැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කළේය.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

“කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට දැනට පවතින රෙගුලාසිවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් 12 ම නිෂ්ප්‍රභා කරනු ලැබුවා. පර්යේෂණවලින් ඔප්පුවී තිබෙනවා මෙම සිරුරු භූමිදානය කරපුහම එම වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙන බව. ඒ වගේම එය එසේ නොවන බවටත් තවත් පිරිස් තර්ක කරනවා.” 

"ඊයේ (2) දින රැස්වෙච්ච විශේෂඥ තාක්ෂණික කමිටුව තමන් වෙත දැනුම්දෙනු ලැබුවේ මෙම වෙනස්වන වෛරසය සම්බන්දයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යනය කරල ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුව ලබා දෙන බව යැයි වැඩි දුරටත් සඳහන් කර සිටි ඒ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුවත් තාක්ෂණික කමිටුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් කොවිඩ් 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසරයක් ලබාදීමට හැකියාවක් නැති බව අවධාරණය කර සිටියා." යැයිද වැඩිදුරටත් පැවසිය.

Rate this item
(0 votes)