කොවිඩ් 19 මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය කිරීමට හැකියාවක් නැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කළේය.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
“කොවිඩ් 19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට දැනට පවතින රෙගුලාසිවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12ක් ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් 12 ම නිෂ්ප්‍රභා කරනු ලැබුවා. පර්යේෂණවලින් ඔප්පුවී තිබෙනවා මෙම සිරුරු භූමිදානය කරපුහම එම වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙන බව. ඒ වගේම එය එසේ නොවන බවටත් තවත් පිරිස් තර්ක කරනවා.”
"ඊයේ (2) දින රැස්වෙච්ච විශේෂඥ තාක්ෂණික කමිටුව තමන් වෙත දැනුම්දෙනු ලැබුවේ මෙම වෙනස්වන වෛරසය සම්බන්දයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යනය කරල ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුව ලබා දෙන බව යැයි වැඩි දුරටත් සඳහන් කර සිටි ඒ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුවත් තාක්ෂණික කමිටුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් කොවිඩ් 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසරයක් ලබාදීමට හැකියාවක් නැති බව අවධාරණය කර සිටියා." යැයිද වැඩිදුරටත් පැවසිය.