April 26, 2024

නිර්මලනාදන් ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුභ පතද්දී මුලසුනේ සිටියේ දෙමළ බස තේරෙන අංගජන්

November 26, 2020

"අපේ ජනතාව වෙනුවෙන් සටන් කරපු අපේ නායක ප්‍රභාකරන්ට උපන් දිනය වෙනුවෙන් සුභ පතනවා" යැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන විට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන අංගජන් රාමනාදන් මහතාය.

ඔහු එම සුබ පැතීම කරන ලද්දේ වාරිමාර්ග අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයට දෙමළ බසින් කළ කථාව අවසන් කරමිනි.

චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරද්දී සභාවේ මුලසුනේ සිටියේ  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සහාපතිවරයා වන අන්ගජන් අංගජන් රාමනාදන් මහතාය.

ඔහුට හොඳින් දෙමල බස තේරුණ ද නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයත් නොදැක්වීම ද විශේෂත්වයකි. 

"අපේ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට මම සුභ පතනවා" - චාල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදීම කියයි - මන්ත්‍රීවරු නිදි

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 16:35

Related items