April 27, 2024

අයවැයෙන් ශක්තිමත් වී තිබෙන්නේ රාජපක්ෂ පොකුර හා එහි ආශ්‍රීතයින් - දක්ෂයින් හුදකලා කරලා

November 23, 2020

අපේ පැත්තේ මිනිස්සු කියන්නේ මේ අයවැයෙන් වැඩිපුරම සලකලා තියෙන්නේ රාජපක්ෂ පොකුරට හා ඒ ආශ්‍රීතයන්ට බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

ඩීල් ටික දී තිබෙන්නේත් රාජපක්ෂ පොකුරේ ආශ්‍රීතයන්ට බව පෙන්වා දෙන බණ්ඩාර මහතා එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා යන දක්ෂයින්ව හුදකලා කර තිබෙන බවද පෙන්වා දෙයි.

මේ ආණ්ඩුව දක්ෂයින්ගෙන් වැඩක් නොගන්නා බවත් දක්ෂයෙක් දැක්කොත් ඔහුව පැත්තකට දමන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා දුර්වලයා දක්ෂයාට බිය බවද සඳහන් කරයි.

විය යුත්තේ රාජපක්ෂ පොකුර ශක්තිමත් කිරීම නොව රට ශක්තිමත් කිරීම බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)