April 26, 2024

මම ඉල්ලුවේ මට ලැබිය යුතු දේවල් - නිලධාරීන් ලිපිය එළියට දැමීම වැරදියි : රාජ්‍ය ඇමති සීතා අරඹේපොල

අයි ෆෝන්, අයි පෑඩ්, කුඩ, විදුලි පංකා, පසු ගමන් රථ, විදුලි ලාම්පු ලිපියකින් ඉල්ලා සිටියේ එම ද්‍රව්‍ය තමන්ට නීත්‍යානුකූලව ලැබිය යුතු දේවල් බැවින් බව රාජ්‍ය ඇමති සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කරයි.

එම ද්‍රව්‍ය ඉල්ලා සිය පෞද්ගලික ලේකම් අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපිය පිළිබඳව තමා දැනුවත් ව නොසිටි බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

තමා ඒ පිළිබඳව දැනුවත් වූවා නම් එම දේවල් ඉල්ලන්නේ නැතිව සිටීමට ඉන්න තිබූ නමුත් ඒත් ඒවා ඉල්ලීම ප්‍රශ්නයක් නොවන බවද අරඹේපොළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

තමාගේ රාජ්‍ය අමාත්‍ය ලිපි ශීර්ෂය යටතේ යවන ලද එම ලිපිය සමාජගත කරන ලද්දේ අමාත්‍යාංශ නිලධාරීන් බවට චෝදනා කරන රාජ්‍ය අමාත්‍යවරිය එය වැරැද්දක් බව පෙන්වා දෙයි.

රාජ්‍ය ඇමති සීතා අරඹේපොළ මහත්මියට ඉහත සඳහන් ද්‍රව්‍ය ඉල්ලා අමාත්‍යාංශ ලේකම්වරයාට යවන ලද ලිපිය සමාජගත වීමෙන් පසු ඊට සමාජයේ මහත් ප්‍රසිද්ධියක් ලැබුණි.

රාජ්‍ය ඇමති සීතා අරඹේපොළ මහත්මිය මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 October 2020 12:19