May 16, 2024

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් නවතී

කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයේ නිරතවූ අනියම් දුම්රිය සේවකයින්ගෙන් පිරිසක් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කිරීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තාමේන්තුවේ වානිජ අධිකාරි සිසිර කුමාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මේවන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ගමන්වාර 5ක් පමණ ධාවනය නොවූ බවත් හෙතෙම සඳහන් කළේ ය.

නමුත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවුවද දුම්රිය ප්‍රමාදයන් ඇති විය හැකි බවත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට නොහැකිවන පරිදි මෙම සේවකයින් දුම්රිය මාර්ගය හරස් කොට සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

 

 

Rate this item
(0 votes)