May 19, 2024

මහනුවරට කහ උණ 

මහනුවර, ගලගෙදර සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ පාචනය සහ කහ උණ රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පසුගිය දිනවල දී පාචන රෝගින් 12 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා ගලගෙදර රෝහලට ඇතුළත් කර තිබේ.

මේ දිනවල පවතින නියඟය හේතුවෙන් එම ප්‍රදේශයට පානීය ජලය සපයන කුඩා ඔය අපිරිසිදුවන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි.

එම ප්‍රදේශයේ ජල මුලාශ්‍ර මහජන පරීක්ෂකවරු රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)