May 16, 2024

ලංකාව ගැන කොරියාවේ ප්‍රසාදය   

ගැටුම් අවසන්වීමෙන් පසු ශ‍්‍රී ලංකාව සෑම අතින්ම විශාල ප‍්‍රගතියක් අත්කර ගෙන ඇතැයි කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත සහ හිටපු විදේශ අමාත්‍ය යු මියුන්ග්-හ්වාන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාවේදීය.

හිටපු එල්.ටී.ටී.ඊ. සෙබළුන් යළි සමාජගත කිරීම සහ අභ්‍යන්තරික අවතැන් වූ පුද්ගලයින් ඉතා ඉක්මණින් යළි පදිංචි කිරීම, පශ්චාත් ගැටුම් සමයේ රට අත්කර ගෙන ඇති ප‍්‍රගතියට නිදසුන් දෙකක් ලෙස මියුන්ග්-හ්වාන් මහතා විසින් සඳහන් කර තිබේ.

ප‍්‍රථම උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම පිළිබඳවත්, අතුරුදන් පුද්ගලයින් පිළිබඳ ජනාධිපති කොමිසම ස්ථාපනය ගැනත් රජයට ප‍්‍රසාදය හිමි විය යුතු යැයි ඔහු සඳහන් කළේ ය. 

ඉදිරියට ගත යුතු පියවර සළකා බැලීම සඳහා තමා කොමිසමේ වාර්තාව අපේක්‍ෂාවෙන් සිටින බව ජනාධිපතිවරයා කීය. 

සංවර්ධනයේ දී දකුණට වැඩි ප‍්‍රමුඛත්වයක් උතුරට ලබා දුන් බවත් ඒ ප‍්‍රදේශයට ගොස් එහි සංවර්ධනය දැක බලා ගැනීම වැදගත් වන බවත් ජනාධිපතිවරයා පැවසී ය. 

Rate this item
(0 votes)