May 16, 2024

අළුත් අවුරුද්දට අනතුරුවලින් මිය ගිය ගණන ඉහළට  

මෙවර අලුත් අවුරුදු සතිය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් මිය ගිය පුද්ගලයින් ගණන 2013 වසරට සාපේක්‍ෂව ඉහළ අගයක් ගන්නා බව පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වේ.

මාරක රිය අනතුරු ගණන වැඩි වූවත් සමස්ත රිය අනතුරු ගණන පෙර වර්ෂයට සාපේක්‍ෂව මෙවර අලුත් අවුරුදු සතිය තුළ අඩු අගයක් ගන්නා බව එම සංඛ්‍යා දත්ත පෙන්වා දේ.

ගෙවී ගිය වසරේ අවුරුදු කාලය තුළ රිය අනතුරු 1326 ක් සිදුව ඇතත් මෙවර එම ගණණ 859 ක් බව පොලිස් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසී ය. 

2013 වසරේ අලුත් අවුරුදු කාලය තුළ මාරක රිය අනතුරු 91 ක් සිදුවී පුද්ගලයින් 99 දෙනෙක් මියගොස් ඇති බවත් මෙවර අලුත් අවුරුදු කාලය තුළ මාරක රිය අනතුරු 89 ක් සිදුවී 110 දෙනෙක් මියගොස් ඇතැයි ද අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය.

මෙවර සිදුවී ඇති මාරක අනතුරුවලින් අනතුරු 07 කට සම්බන්ධ රියැදුරන් බීමතින් සිට ඇති බවත් සිදුවූ සෑම අනතුරක්ම රියැදුරන්ට වලක්වාගැනීමට හැකියාව තිබූ අනතුරු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසී ය.

Rate this item
(0 votes)