May 19, 2024

 මුසම්මිල් ආණ්ඩුවට එක්වෙයි ?

කොළඹ නගරාධිපති ඒජේඑම් මුසම්මිල් මහතා රජය සමග එක්වීමට කටයුතු කරමින් සිටින බව එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

තමා විසින් ඉදිකළ බස්නැවතුම් පොළවල් කඩා ඉවත් කිරීම මගින් එය හොඳින් පෙනී ගිය බව ද රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ඒජේඑම් මුසම්මිල් මහතා මේවන විට ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු කරමින් සිටින බව ද රවී කරුණානායක මහතා සඳහන් කරයි.  

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 12:30