හයිටි රාජ්‍යයේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකා සෙබළෙක් හෘද්‍යාබාධයක් හේතුවෙන් පෙරේදා (29දා) ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනියුක්තව සේවය කරමින් සිටියදීය.
මෙසේ මියගොස් ඇත්තේ බලලත් නිලධාරී ඒ.පි.එස්. පුෂ්පකුමාර නැමැති 39 හැවිරිදි අයෙකි.
රණ ශූර පදක්කමෙන් මෙන්ම උත්තම සේවා පදක්කමින් පිදුම් ලබා ඇති පුෂ්පකුමාර මහතා විශේෂ බලකා 17 වැනි පාඨමාලාව සම්පූර්ණ කළ අයෙක්ද වෙයි.