May 11, 2024

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි

2014 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද (30) පස්වරුවේ නිකුත්කර තිබේ.

ඒ අනුව පිරිමි පාසල් අතර රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණු 186 ලෙසද, බාලිකා පාසල් අතර විශාඛා විද්‍යාලය කඩඉම් ලකුණු 185 ලෙසද, මිශ්‍ර පාසල් අතර කඩඉම් රත්නපුර සීවලීමධ්‍ය මහා විද්‍යාලය ලකුණු 176 ලෙසද ලකුණු සටහනේ ඉහළින්ම සටහන් වේ.

කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 183ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 183ක්, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 182ක් සහ කොළඹ නාලන්ද විද්‍යාලයට ලකුණු 181ක් ලෙස කඩඉම් ලකුණු ලබා දී තිබේ. 

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලකුණු 180ක්, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට ලකුණු 179ක්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 179ක් ලෙස කඩඉම් ලකුණු ලබා දී ඇත. 

බාළිකා පාසල් අතරින් කොළඹ විශාඛා විද්‍යාලය සඳහා ලකුණු 185ක් මහනුවර මහාමායා විද්‍යාලය සඳහා ලකුණු 183ක් කොළඹ දේවි බාලිකා, කුරුණෑගල මලියදේව බාලිකා සහ ගාල්ල සවුත්ලන්ඩ්ස් යන විද්‍යාල සඳහා ලකුණු 182ක් ලෙස කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. 

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක යන පාසල් සඳහා ලකුණු 180ක්, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයට ලකුණු 179ක් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයට ලකුණු 178ක් ලෙස කඩඉම් ලකුණු ප්‍රකාශ කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය. 

මිශ්‍ර පාසල් අතුරෙන් රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයට ලකුණු 176ක්, පන්නිපිටිය ධර්මපාල, පින්නවල මධ්‍ය මහ විද්‍යාලය, පොළොන්නරුව රාජකීය විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය යන පාසල් සඳහා ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණ 175කි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 22:35