May 12, 2024

දැයට කිරුළේ කෝටි 3400 ක මුදල් නැවත භාණ්ඩාගාරයට

2015 දී සියලු ම අමාත්‍යාංශ මඟින් දැයට කිරුළ සැණකෙළිය සඳහා වියදම් කිරීමට නියමිතව තිබූ රුපියල් කෝටි 3400 ක නාස්තිකාර මුදල් නැවත භාණ්ඩාගාරය වෙත ලබා ගැනීමට නව රජයේ අතුරු අයවැයෙන් තීරණය කර තිබේ.

එහෙත් දැයට කිරුළ පැවැත්වීමට නියමිතව තිබූ වීරකැටියේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීමට නව රජයේ අතුරු අයවැයෙන් ‍වෙන් කර තිබේ.

පසුගිය රජයේ වැඩි අවධානයට ලක් වූ ප්‍රධාන ව්‍යාපෘතියක් වන දැයට කිරුළ තුළ බොහෝ දූෂණ වංචා සිදු වී තිබෙන බැවින් එම ව්‍යාපෘතිය නවතා දමා එ සඳහා වෙන් කළ මුදල් භාණ්ඩාගාරය වෙත ලබා ගෙන ඇත. 

පොදු ජනතාවගේ ගැටළු සැලකිල්ලට නොගෙන සිදු කරන විශාල ප්‍රමාණයේ වියදම් වළක්වා ගනිමින් පාරිභෝගික ජනතාවට සහන රැසක් එමඟින් ලබාදීම මෙම රජයේ අපේක්ෂාවයි.

Rate this item
(0 votes)