May 18, 2024

ක්‍රවුන් සමාගම ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතිය අතහැර යයි

කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඹ්ස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඹ්ස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ක්‍රවුන් සමාගමේ ප්‍රකාශවරියක් පවසා ඇත්තේ එම සමාගම ශ්‍රී ලංකා රජයේ තීරණයට ගරු කරන අතර ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන බව ය.

වාර්තා වෙන අන්දමට ඩොලර් මිලියන 400 ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය අත්හැරීමට එම සමාගම තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය එම ව්‍යාපෘතියට ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම හේතුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 19:51