May 18, 2024

නව අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව අගවිනිසුරුවරයා ලෙස කේ. ශ්‍රී පවන් මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කේ ශ්‍රී.  පවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වූයේ 2008දී ය.

අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන්පුරප්පාඩු වූ අගවිනිසුරු ධුරයට පත්කළ කේ. ශ්‍රී පවන් මහතා මේ වනවිටශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා ද වන්නේය.

යාපනය හින්දු විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කේ. ශ්‍රී පවන් මහතා ‍1976දී නීතිඥ වෘත්තියට පිවිස ඇත.රජයේ වැඩබලන නීතිඥවරයෙකු ලෙස 1978 දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධවූ ඔහු රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යන තනතුරු දරාතිබේ.

අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් කේ. ශ්‍රී පවන් මහතා 2007දී එහි සභාපති විනිසුරු ධුරයට පත්වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 20:15