May 18, 2024

පාර්ලිමේන්තු කටයුතු නවතී - යළි රැස්වීම ලබන 05 වැනිදා

අද රැස්වූ පාර්ලිමේන්තුව දිනයේ දෙවන වරටත් නැවත වතාවක් විනාඩි 10 ට කල් තැබීමට කතානායක චමල් රාජපක්ෂ මහතා පියවර ගත්හ. ඒ අගවිනිසුරු තනතුර සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ පාර්ලිමේන්තුව තුළ උණුසුම් වීම හේතුවෙනි.

ප්‍රථමයෙන් විපක්ෂයේ මන්ත්‍රීන්ගේ බාධා කිරීම් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ද ඊට ප්‍රතිචාර දක්වමින් හැසිරීම නිසා ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 20 ට අත්හිටුවා කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක් කැඳවනු ලැබීය.

පක්ෂ නායක රැස්වීමෙන් පසුවද මේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග යළිත් වරක් රැස්වීම විනාඩි 10 ට කල් තැබීමට කතානායකවරයාට සිදු විය.

පක්ෂ නායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව අද (30) පස්වරු 4.19 ට යළි රැස් විය. මොහාන් පිරීස් හා අගවිනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති කළ ප්‍රකාශයට විපක්ෂයෙන් දිගින් දිගටම විවාදයක් ඉල්ලා සිටීම නිසා රැස්වීම කල් තැබුණු අතර යළි තීරණයක් නොගෙන පාර්ලිමේන්තුව ලබන 5 වැනිදාට කල් තැබිණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 January 2015 17:29