May 18, 2024

නිවසේ තනිව සිටි දැරියට ධීවරයා අතවර කරලා

වයස අවුරුදු 07 ක් වන බාල වයස්කාර දැරිවියකට බරපතල ලිංගික ආපරාධයක් සිදු කළ බව කියන වයස අවුරුදු 19 ක් වන ධීවරයෙකුව ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.

අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය- කුරිංඤංපිටිය පදිංචිව සිටින දැරිවියකි.

දැරිවිය තනිවම තම නිවසේ සිටින විට පැමිණ ඇති සැකකරු ඇයට අතවර කර පලා ගොස් ඇත. තමන්ට සිදුවූ අපරාධය වැඩිමහල් සහෝදිරය නිවසට පැමිණි පසුව දැරිවිය විසින් පවසා ඇති අතර ඇය මේ බව තම මවට දැන්වීමෙන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අතවරයට පත් දැරිවියගේ අසල්වැසියෙකු බව පොලීසිය පැවසීය.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

පුත්තලම- ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)