May 04, 2024

අගවිනිසුරු සමුගැනීමේ විශේෂ උත්සවයක් අද පැවැත් වේ

ශ‍්‍රී ලංකාවේ 43 වෙනි අගවිනිසුරු වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (29) එම ධුරයෙන් විශ‍්‍රාම ගන්නා අතර ඇයට සුබපැතීම සඳහා සාම්ප‍්‍රදායික සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන බව එහි සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මෙම උත්සවය සංවිධානය කර ඇත.

2011 වසරේ මැයි මාසයේදී අගවිනිසුරු වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය 2012 වසරේ නොවැම්බර් මාසයේදී එම ධූරයෙන් පහකළේ එවක පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමේ ප්‍රතිපඵයක් ලෙසය.පසුව මොහාන් පීරිස් මහතා ශ‍්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරු ලෙස පත් කෙරුණි.

එම ඉවත් කිරීම් හා පත් කිරීම් දෙකම නීතිය අනුව බලශූන්‍ය කි‍්‍රයාවන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ අතර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත පත් කෙරුනි.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 January 2015 08:53