May 04, 2024

'ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරනවා' - ෆොන්සේකා

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තනිව තරග කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තනිව තරඟ කරන බවත් ඡන්දයෙන් පසු දැන් ආණ්ඩුවේ සිටින පක්ෂත් සමඟ එකතු වී රජයක් පිහිටුවන බවත් ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.

“මම අනිවාර්යයෙන්ම මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මම ගිය පාරත් ඉදිරිපත් වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ 98,800ක් ජනතාව මට ඡන්දය ලබා දීලා මාව පිළිගත්තා. ඊට වැඩි දෙගුණයක වුවත් ඡන්ද ලබා ගැනීමට අමාරුවක් නෑ.“ යැයි හෙතෙම සඳහන් කළේය.

මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (28) සඳහන් කර තිබිණි.

මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට පූර්ණ සමාව ලබාදීම නිසා ඡන්ද අයිතිය හිමිවන බව ය.

පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය අහිමි විය.

ඊට අමතරව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජෙනරල් නිලයේ යළි පිහිටුවා ඇති බවත් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ සේවය අගයමින් පිරිනමා තිබූ රණවික්‍රම ඇතුළු සියළු පදක්කම් නැවත ලබා දීමට ද පියවර ගෙන ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

   

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 January 2015 12:12