May 04, 2024

කුමාර් ගුණරත්නම්ගෙන් අදත් ප‍්‍රශ්න කරයි

සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතු සිදුකරන්නේ කෙසේදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාගෙන් ආගමන විගමන නිලධාරීන් ප‍්‍රශ්න කර ඇත.

එම දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව ඔහු ඊයේ (28) ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. 

වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම සඳහා අද (29) දිනයේ නැවත පැමිණෙන ලෙස තමන්ට දැනුම්දුන් බව ප‍්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා පැවසී ය.

කුමාර් ගුණරත්නම් මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් සහය දීමට ඕස්ට්‍රේලියාවේ සිට වීසා බලපත්‍රයක් යටතේ මෙරටට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ වීසා නීතිය උල්ලංඝනය කරමින් අනවසරයෙන් රට තුල රැඳී සිටියේ යයි කුමාර් ගුනරත්නම්ට චෝදනා කළ බලධාරීහු මෙයින් වසර කීපයකට පෙර ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අතර මෙවර ශ්‍රී ලංකාවට පැමිණීමේදී කුමාර් ගුනරත්නම් වෙනුවෙන් දඩයක් ගෙවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිදු විය.

Rate this item
(0 votes)