May 04, 2024

ධීවර සංස්ථා සභාපති පුටුවට ඇමති ඥාතීන්ගේ පොරයක් 

ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක්  මතුව තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි. 

ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ධීවර අමාත්‍යාංශ සභාපති ධුරයට සිය පුත්‍රයා නම් කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි මහතා සිය මස්සිනා එම තනතුරට පත් කර ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණ කරයි.

ධීවර අමාත්‍යාංශ සභාපතිධුරයට නම් දෙකක් එක්වර යෝජනා වීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් නම් කර තිබූ ඔහුගේ මස්සිනා පසුගිය අඟහරුවාදා ධීවර සංස්ථාවට පැමිණ වැඩ භාරගෙන තිබූ බවත් වැඩ භාර ගැනීමෙන් පසුව නිල වාහනයද ගත් ඔහු ධීවර සංස්ථාවෙන් පිටත්ව යාම නිසා මෙම තත්ත්වය තවත් ගැටලුකාරී වී ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)