May 03, 2024

හොරා හොරා කිය කිය ඉද්දී දින 100 ගෙවෙයි - බන්දුල ගුණවර්ධන

මේ දිනවල සියලු දෙනාම හොරු බවට පත් කොට ඇති බවත් හිටපු ජනපති මෙන්ම එම ආර්යාවත්, හිටපු මැති ඇමතිවරු,රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම පාහේ හොරු ලෙස නම් කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තමාගේ ආසනය තුළදීම තමාට සොරෙක් යැයි කියමින් බෝඩ් ලෑලි ඔසවාගෙන සිටි අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද බන්දුල ගුණවර්ධන මහතා අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
වැරදි කළවුන් සිටී නම් ඒ ගැන සොයාබැලීමට කොමිසමක් පත් කළ යුතුව ඇති බවත් එසේ නොකොට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නුසුදුසු බවත් හෙතෙම පෙන්වා දෙයි.
හොරා හොරා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් දින 100 ගෙවුණු පසු එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කළ හැකි යැයි සිතන්නේ නම් එය වැරදීමක් බවත් තමන් වැරදි කර ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
එමෙන්ම හොරකම් පිළිබඳ කතා කර කර හිටියද කැබිනට් මණ්ඩලයේද එවැනි හොරකම්වලට චෝදනා ලැබූ අය සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 22:28