May 03, 2024

ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ කියන්න ජවිපෙ සූදානම්

ආණ්ඩු බලය මාරුවීමත් සමඟ ක්‍රීඩා ක්ෂේත්‍රයේ වංචා දූෂණවලට අදාළ ලිපි ලේඛන ආයතනවලින් හොර රහසේ ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ වංචා සම්බන්ධයෙන් තමන් සතුව ඇති ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් අදාළ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබා දෙන්නැයි එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Rate this item
(0 votes)