May 03, 2024

උඩුවේ හාමුදුරුවෝ ළඟ ලිපිලේඛන නැති අලි පැටවෙක්

උඩුවේ ධම්මාලෝක හිමියන්ට අයිති බව පැවසෙන නියමිත ලිපි ලේඛන නොමැති අලි පැටවෙකු සිටින බව සොයාගෙන ඇත.

උන්වහන්සේ වැඩවසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු මෙලෙස සොයාගත් බව වනජීවි නිලධාරීන් පැවසීය.

මෙම අලි පැටවා ලබාගත් ආකාරය පිළිබඳ පැහැදිළි ලිපි ලේඛන ඉදිරිපත් කර නැතැයිද වනජීවි නිලධාරීන් පෙන්වා දෙයි.

වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාද මෙම ස්ථානයට පැමිණ වැටලීමට දායකවූ බව වාර්තා වේ.

Rate this item
(0 votes)