May 03, 2024

ගාල්තැන්න දේවගැතිවරයාට ලක්ෂ 48ක දඩ මුදලක්

වසර ගණනාවක් තිස්සේ රජයට ආදායම් බදු නොගෙවූ බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් වු මහනුවර, ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ දේවගැති ගාමිණි ආනන්දට රුපියල් ලක්ෂ 48ක දඩ මුදලක් ගෙවන්නැයි මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
 
මහනුවර දිස්ත්‍රික් ආදායම් බදු කාර්යාලයේ ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. දඩ නියම කිරිමෙන් සුළු මොහොතකට පසු දේවගැතිවරයා සහයකයෙකු දඩ මුදල ගෙවා ඇති අතර පසුව දේවගැතිවරයා මුදාහැර තිබේ.
 
ගාමිණී ආනන්දගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ දේවාලයේ සිටින විටත්, ගමන් බිමන් යන විටත් කිලෝ 5 ක පමණ රත්තරන් ආයිත්තම් පැළඳ සිටීමයි.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 16:56