May 03, 2024

විදේශ සේවාවේ ප්‍රචාරණ ඒකකයට මුද්‍රා තැබේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රචාරණ ඒකකයට මීට සුළු මොහොතකට පෙර මුද්‍රා තැබීය.

නව අමාත්‍යාංශයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය විසින් අදාළ අමාත්‍යාංශයේ වංචා දූෂණ සෙවීම සඳහා නීතිඥ මණ්ඩලයකින් සමන්විත කමිටුවක් පත් කළාය. එම වාර්තාවේ නිර්දේශ අදාළ කමිටුව පත් කළ දින සිට සතියක් ඇතුළත ලැබීමටද තියමිතව තිබුණි.

කෙසේවෙතත් මේ වන විට දැන ගන්නට ලැබෙන්නේ අදාළ අමාත්‍යාංශයට අයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රචාරණ ඒකකයට මුද්‍ර තැබීමට පියවර ගෙන ඇති බවය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 16:26