May 04, 2024

බලු රංචුවක් සත්තු වත්තේ මී මීන්නන් මරා දමයි

දෙහිවල සත්තු වත්තේ තාප්පය කැඩුණු ස්ථානයකින් එහි ඇතුළු වු අයාලේ යන සුනඛයින් රංචුවක් විසින් සපා කනු ලැබිමෙන් සත්තුවත්තේ සිටි මී මීන්නා මුවන් 13 දෙනාම පෙරේදා (26) මියගොස් ඇති බව සත්ව උද්‍යාන සේවකයෝ පවසයි. 
 
ඉතාමත් සංවේදි අහිංසක සතුන් විශේෂයක් වන මී මින්නා මුවන් රඳවා සිටි භූමියට ඇතුලු වු සුනඛයින් මෙම සතුන් සපාකා තුවාල සුදුකර තිබු අතර මියගිය මී මින්නන් 13 දෙනාගේ දරුණු දත් පහරවල් හා තුවාල රාශියක් තිබිණියැයි සතුන්ගේ මරණ පරීක්ෂණ සිදුකල සත්ව උද්‍යාන පශු වෛද්‍යවරු පවසති.
Rate this item
(0 votes)