May 04, 2024

අගවිනිසුරුට ඉවත්වන්නැයි උද්ඝෝෂණයක්

අගවිනිසුරු මොහාන් පීරිස්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මේ වන විට අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.

ඔවුන් උද්ඝෝෂණය ආරම්භ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය අසළ සිට අධිකරණ අමාත්‍යාංශ පරිශ‍්‍රය දක්වා පා ගමනක ද නිරත වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ඊයේ (27) කෝට්‌ටේ නාග විහාරස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූවේ වත්මන් අගවිනිසුරුවරයා සිය ධුරයෙන් ගෞරවාන්විතව ඉල්ලා අස්‌වී යා යුතු බවත් එය රටත්, ජනතාවත් වෙනුවෙන් කරන ඉතා හොඳ ක්‍රියාවක්‌ බවත්ය.

වත්මන් අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල දුන් දින අලුයම අරලියගහ මන්දිරයේ රැඳී සිට ඇති බවට කතාවක්‌ පවතින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඔහු දැක ඇති බවටත් වාර්තා වන බවත් ඒ නිසා ගෞරවාන්විතව ඉවත්ව යෑම ඔහුගේ යුතුකමක්‌ යැයි ද ඒ හිමියෝ පැවසූහ.

එදා ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව ගල් ගහලා, හූ කියලා, රබන් ගහලා, කිරිබත් කාලා එලෙව්වා වගේ ඔබවත් එලවන කම් නොසිටින ලෙසද එම ක්‍රමය අවසානයේ අගවිනිසුරුවරුන් එලවන සම්ප්‍රදායක්‌ විය හැකි යැයිද ඒ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 11:25