May 04, 2024

අණ්ඩුකාරවරුන් පත්කිරීමේදී දෛවෝපගත සිදුවීමක් ගැන ජනපති හෙළිකරයි

හිටපු පරිපාලන නිලධාරියකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ජනාධිපතිවරයා වශයෙන් තමා අතින් ආණ්ඩුකාර තනතුරක් ලබාදීම දෛවෝපගත සිද්ධියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ නව ආණ්ඩුකාරවරුන් 6 දෙනකුට පත්වීම් ලබාදීම සඳහා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ඊයේ (27) පැවැති උත්සවයේදී ය.

“අද නව පත්වීම් ලැබූ ආණ්ඩුකාරවරුන් 5 දෙනාටම සහ ආණ්ඩුකාරතුමියට සුබ පතනවා. ඒ ගමන් මට එක දෙයක් මේ වෙලාවේ  සිහිපත් වෙනවා. එය ඉතා දෛවෝපගත සිදුවීමක් හැටියටයි මා දකින්නේ. මොකද මම ග්‍රාම නිලධාරියෙක් වෙලා ඉන්න කා‍ලේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් පැමිණි දැඩි බලපෑම් නිසා මම එවකට ‍පොළොන්නරුව දිසාපති වෙලා හිටපු ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමාට මගේ අස්වීමේ ලිපිය භාර දුන්නා. එතුමා එය භාර ගත්තේ නෑ. පස්සේ මම බොහෝම අමාරුවෙන් ගෙදරට ගිහිල්ලා අස්වීමේ ලිපිය දුන්නා. ඉතින් අද මම ජනාධිපති වෙලා එතුමාට මගේ අතින් ආණ්ඩුකාර පදවියක් ලබාදීම ගැන මා සතුටු වෙනවා. එය ඉතා දෛවෝපගත සිදුවීමක් හැටියටයි මා දකින්නේ.“ යැයි ජනාධිපතිවරයා පැවසී ය.

Rate this item
(0 votes)