May 03, 2024

වයඹ ධීවර ඇමති ඇප මත නිදහස්

ජනාධිපතිවරණ සමයේ පුද්ගලයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පක්ෂ කාර්යාලයකට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියට බාර වීමෙන් පසුව පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කරන ලද වයඹ පළාත් සභාවේ ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහාතාව රුපියල්  ලක්ෂ 01 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (27) සවස  නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ආණමඩුව නගරයේදී ප්‍රසන්න සාලිය විජේසිහ යන අයට බැන වැදී මරණීය තර්ණය කරන ලදැයි සැකකාර ඇමතිවරයාට එක් චෝදනාවක් එල්ල වී තිබුණි. පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා එම සිද්ධිය සිදුවී ඇත.

එමෙන්ම පසුගිය ජනවාරි 01 වැනිදා ආඩිගම - ගරායක්ගම ප්‍රදේශයේ දී පොදු අපේක්ෂකයාට අයත් කාර්යාලයකට පහර දී රුපියල් 20,000 ක අනර්ථයක් සිදු කර තිබූ බවට තවත් පැමිණිල්ලක් විය.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර, ඊයේ සැකකාර ඇමතිවරයා ආණමඩුව පොලීසියට පැමිණ බාර විය.

ඉන් පසුව සැකකාර ඇමතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. මෙම නඩුව ලබන මැයි මස 14 වැනිදා කැදවීමටද දිසා විනිසුරුවරයා නියම කළේය.

පුත්තලම- ජුඩ් සමන්ත

 

 

Rate this item
(0 votes)