May 03, 2024

ධර්මශ‍්‍රී ඒකනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වූ ධර්මශ‍්‍රී බංඩාර ඒකනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබේ.

ධර්මශ‍්‍රී බංඩාර ඒකනායක මහතා සිය පත්වීම් ලිපිය ඊයේ (27) ජනාධිපති කාර්ලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගත්තේය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර ධර්මශ‍්‍රී ඒකනායක මහතා සිරස මාධ්‍ය ජාලයේ සේවය කළේය. 1995 වසරේ ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ධර්මශ‍්‍රී බංඩාර ඒකනායක මහතා ප‍්‍රවෘත්ති කතෘවරයෙකු වශයෙන් හා වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සේවය කර ඇත. 

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ඒකනායක මහතා ඉන්දුනීසියාවේ බීබීසී ප‍්‍රවෘත්ති වාර්තාකරු මෙන්ම නිෂ්පාදකවරයා වශයෙන් ද සේවය කර ඇත. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති සම්පාදනය පිළිබඳ මූලික ඩිප්ලෝමාව හදාරා ඇති නව ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ඉබ්බාගමුව මධ්‍යම මහා විද්‍යාලයේ කීර්තිමක් ආදීශිෂ්‍යයෙකි.

Rate this item
(0 votes)