May 03, 2024

ජනපතිවරණයෙන් පසුව අල්ලස් පැමිණිලි 150 ක් 

ජනවාරි මාසය ආරම්භයේ සිට මේ දක්වා අල්ලස් කොමිසමට පැමිණිලි 200-230 ක් අතර ප්‍රමාණයක් ලැබී තිබූ බවත්, ජනාධිපතිවරණයෙන් පසුව පැමිණිලි 150 ක් පමණ ලැබී තිබුණු බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ගනේෂ් ආර්. ධර්මවර්ධන මහතා පවසයි.

දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත්ව ඇති සියලුම පැමිණිලි විමර්ශන අංශයට යොමුකර තිබුණද, ඒ සඳහා අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගන්නේ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී තිබෙන පැමිණිලි සඳහා පමණක් බවද ඔහු සඳහන් කළේය.

දූෂණ වංචා ගැන සඳහන් කරමින් ජනාධිපතිවරණයෙන් පසුව ඉදිරිපත් වූ සමහර පැමිණිලිවල විමර්ශනයක් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවත්, සෑමවිටම විමර්ශන කටයුතු සිදුකරන්නේ එයට අදාළ පනත්වලින් ලබාදී ඇති උපදෙස් මත පමණක් බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

විමර්ශන සඳහා යොමුකරන පැමිණිලිවලට අදාළව පැමිණිලිකරුවන් ඇතුළු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසුව අවශ්‍යතාවක් මතුවුවහොත් එම පැමිණිලිවල සඳහන් විත්තිකරුවන්ගෙන් අවසානයේදී ප්‍රකාශ සටහන් කරගන්නා බවද හෙතෙම පැවසී ය.

 

Rate this item
(0 votes)