May 03, 2024

කුඩු ලාල් 'රනිල්-රවී' හමුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ලාල් පීරිස් මේවන විට සිටින්නේ එංගලන්තයේය.ඔහු එහි සිට ලංකාවේ මාධ්‍යවේදියකු සමග කළ කතාබහක් ඇසුරින් මෙය සැකසේ. අද අප ඔබට ගෙනෙන්නේ එහි අවසන් කොටසයි.
 
ඔබ කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිම සම්බන්ධයක් නැහැ කියල. එතකොට ඔබට විරුද්ධව ජාත්‍යන්තර ‍පොලීසියේ රතු නිවේදනයක් නිකුත් වෙලා තියෙනව කියලා. ‍පොලිස් මූලස්ථානය සඳහන් කරනව ඔබ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ලෙස?
 එය කුමන්ත්‍රණයක්. ඔය කියන රතු නිවේදනය මට විරුද්ධව නිකුත් වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස නමෛයි. මුදල් වංචාවක් සම්බන්ධයෙන්. එම වංචාවත් මාව පටලවපු එකක්. මගෙන් පලිගැනීමට. ඔය කියන රතු නිවේදනය ගැන දැනගත්තම මම අන්තර්ජාලයෙන් ඒ ගැන සොයා බැලුව. ඕනේ කෙනෙකුට අන්තර්ජාලයේ ඉන්ටර්‍පෝල් වබේ අඩවියට ගිහින් බලන්න පුළුවන් මට විරුද්ධව තියෙන රතු නිවේදනය ගැන.
 
ඔබට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් පටලවන්නේ මොනවටද?
 වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයයි, රවි කරුණානායක ඇමැතිතුමයි 2011 අවුරුද්දේ අන්තිම මාස කිහිපයේ දවසක මට මුණගැසුනා එංගලන්තෙදී. එම මුණගැසීම සිදුවුණේ අහම්බෙන්. එංගලන්තේ හෝටලයකට මම යන විට ඒ දෙන්න කොරිඩෝවේ හිටිය. මම ඒ අය එක්ක කතාකළා. මට වෙච්ච දේවල් කිව්ව. විනාඩි පහකට හයකට වඩා කතා කරන්න හම්බවුණේ නැහැ. 
මමයි ඒ අයයි කතා කරපු එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ආරංචි වෙලා. ඒ දවස්වල රනිල් මහත්තයා විපක්ෂ නායක. එතුමාව ඒකට අල්ලගෙන හොඳටම විවේචනය කළා. 
ඒ සිද්ධියට පස්සෙ තමයි මාව හොයාගෙන ‍පොලීසිය ලංකාවේ ගෙදරට ඇවිත් තියෙන්නේ. ගෙවල් චෙක් කරල, ගෙවල්වල හිටපු අයට තර්ජනය කරල තිබුණා. ‍පොලීසියේ කියාගත්තු අය තමයි ඇවිත් තිබුණේ. 2012 වසරේ සී.අයි.ඩී.යෙන් ඇවිත් මගේ නෝනගේ නංගිලා දෙන්නව හතරවෙනි තට්ටුවට අරගෙන ගිහින් කාගේදෝ අයිඩෙන්ටියක් පෙන්නල ඒකෙ ඉනේ මම කියල අත්සනක් අරගෙන. පස්සේ තමයි මට විරුද්ධව උසාවියට බි.රි‍පෝට් එකක් දාල තියෙන්නේ මුදල් වංචාවකට මම සම්බන්ධයි කියල. රතු නිවේදනයක් නිකුත් කරල තියෙන්නේ ඒකටයි. 2004 වසරේ වුණා කියන ඒ සිද්ධිය ගැන හොයන්නේ 2012 වසරෙයි. මම චෝදනාවක් මතෛක් කාලයකට එල්ලවුණා නම් ඒක විතරයි. 
 
ඔබ එම නඩුවට පෙනී ඉන්න ලංකාවට එන්න අදහසක් නැද්ද?
 ඔව් මම එනව. මගේ නීතිඥවරු අවශ්‍ය කටයුතු කරයි. මම සී.අයි.ඩී. යේ නිලධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඒ අය කරන්නේ ඒ අයට නියෝග ලැබෙන දේවල්. මම ඒ ඇවිල්ල ආයිමත් දේශපාලනය කරනව. යූ.එන්.පියෙන් කොළඹ නගර සභාවට තරග කරනව. යූ.එන්.පියෙන් අවස්ථාව හම්බ වුණේ නැත්නම් ස්වාධීනව තරග කරනව.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 13:34