May 03, 2024

ඛණිජ තෙල් සංස්ථාව රටේ සල්ලි කාබාසිනියා කළේ දූෂිත පාලනය නිසයි

ඛණිජ තෙල් සංස්ථාව රටේ සල්ලි කාබාසිනියා නොකළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

එසේ වූයේ නම් ඒ දූෂිත පාලනයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට බවත් යැයි අමාත්‍යවරයා කියා සිටියේ අද (27) පෙරවරුවේ කොලොන්නාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා නිමා සමාගමේ නව සභාපති වශයෙන් පත්වූ රොෂාන් ගුණරත්න මහතා වැඩ ආරම්භ කළ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ "පසුගිය සමයේ දේශපාලනය සඳහා රාජ්‍ය ආයතන විශාල වශයෙන් යොදා ගත්තා. ඒඅවස්ථාවේදී ඛණිජ තෙල් සංස්ථාව බරපතළ ලෙසම දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තා.මෙම දේශපාලන ව්‍යසනයෙන් අපි මෙම ආයතනය මුදාගත යුතුයි. ජනතාව අපට ඡන්දය දුන්නේ ඒ සඳහායි. මේ ආයතනය සහමුලින්ම විනාශ මුඛයට ඇද දමන්න එදා ඒ

පිරිස් කටයුතු කළා. දැන් අපි මෙම ආයතනය ආදර්ශමත් ආයතන ලෙස ගොඩනැගිය යුතුයි”.යනුවෙනි.

Rate this item
(0 votes)