May 03, 2024

වෙළේ සුදාව ඝාතනය කිරීමේ සැලසුමක් - ජාතික හෙළ උරුමය

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

මෙරට තුළ සිදුවූ කුඩු ජාවාරම් සම්බන්ධයෙන් වෙළේ සුදාගෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ ප්‍රබල පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් මෙම තර්ජන ඔහුට එල්ල වී ඇති බවයි සෝභිත හිමියෝ පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ අදාළ ලිඛිත ඉල්ලීම සිදු කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 21:35