May 03, 2024

අගවිනිසුරු යන තෙක් අලුත්කඩේ උද්ඝෝෂණ

හෙට (28) සිට අලුත්කඩේ උසාවි සංකීර්ණයේ උද්ඝෝෂණයක් දියත් කරන බව නීතිඥ සංගම් සඳහන් කරයි. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත්වන තුරු මහජනයාද කැඳවමින් එය සිදු කරන බවයි එම සංගම් පෙන්වා දෙන්නේ.

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වන අවස්ථාවේ අග විනිසුරුවරයා අරලිය ගහ මන්දිරයේ සිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවත් එය අගවිනිසුරුවරයාගේ නිලයට නොගැලපෙන්නක් බවත් ඒ හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එම සංගම් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)