May 07, 2024

මහ මැතිවරණයට එජාප මූලස්ථානය වෙනස් වෙයි

ඉදිරි මහ මැතිවරණ වෙනුවෙන් සිරිකොත එජාප මුලස්ථානය සියළු පහසුකම් සහ නවීන තාක්ෂණයෙන් යුතුව රටේ විශාලතම දේශපාලන මධ්‍යස්ථානය ලෙස ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
 
මහමැතිවරණය සියලු මෙහෙයුම් කටයුතු සිරිකොත මුලස්ථානය කේන්ද්‍ර කරගෙන කිරීමට තීරණය කර තිබෙන එක්සත් ජාතික පක්ෂය, රටපුරා ආසන 160 ම මේ වනවිටත් පක්ෂ මුලස්ථානය සමග සෘජුව සම්බන්ධ කර පවතී.
 
රටපුරා ඡන්ද පොළ සංවිධායකවරුන් 12,000 සහ සංවිධායකවරුන් යටතේ පිහිටුවා තිබෙන ඡන්දපොළ මෙහෙයුම් කම්ටු ද එජාප සංනිවේදන බළකාය ද මහ මැතිවරණය වෙනුවෙන් ගම්මට්ටමේ සහ බ්ම්මට්ටමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 
 
මේ අතර බලය නැති කාළයේදි අවුරුදු ගණනාවක් දුක් විඳිමින් සිටි පාක්ෂිකයන්ගේ සුභ සාධන කටයුතු සඳහා සිරිකොත පරිශ්‍රයේ අංග සම්පුර්ණ සහ නවීන ගොඩනැගිලක් ඉදිකිරිමටද එක්සත් ජාතික පක්ෂය තිරණය කර තිබේ.
Rate this item
(0 votes)